ජපානයට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වීම පිලිබඳ ක්‍රියාවලිය හා ඒ අශ්‍රිත පසුබිම.

ජපන් භාශාව ප්‍රගුන කරන විදේශීය සිසුන්ට ජපානය තුල සිය ඉදිරි අනාගත අභිලාශයන්ට අනුව වැඩිදුර අධ්‍යාපනය හා ජපානය තුල රැකියා අවස්තාවන්ට ජපානය දොරගුලු විවෘත  කරේ මීට බොහෝ කලකට පෙරයි. ඒ අනුව ආසියානු රටවල බොහෝ සිසුන් ජපානයට 90 දශකයට කලින් සිට පැමිනියේය. වර්තමානයේ ඉතා වැඩියෙන් ජපානයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ජපානයට විදේශීය සිසුන් ඇදෙමින් පවතී.ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, බංගලාදේශය වියට්නාමය, නේපාලය, මියන්මාරය හා චීනයෙන්ද මෙලෙස ලමුන් පැමිනෙයි. ඒ අතර යුරෝපීයන්ද අඩු වැඩි වශයෙන් මේ ගොන්නට අයත් වේ.

විදේශීය සිසුන්ට යා හැකි පාසල් වර්ග ප්‍රධාන වශයෙන් 3කි.

  • නිහොන්ගෝ ගක්කෝ ( ජපන් භාශා පාසල),
  • සෙන්මොන් ගක්කෝ (ඩිප්ලෝමා පාසල – ලංකාවේ ටෙක්නිකල් කොලේජ් හා සමානය)
  • දයිගකු (විශ්ව විද්‍යාල)

ලංකාවේ සිට පැමිනෙන බොහෝ  සිසුන් මුලිමන්ම   පැමින්නේ ජපන් භාශා පාසල් වෙතයි. මෙහි අවුරුද්දකට පාසල් වාර 4ක් පවතී. ජනවාරි, අප්‍රියෙල්,ජූලි හා ඔක්තෝම්බර් වශයෙනි.ඒ ඒ වාර වලට අනුව පාඨමාලා කාලය, ගාස්තු වෙනස් වේ (ගාස්තු පාසලෙන් පාසලට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ) මන්දයත් ජපන් භාශා පාසල් කාලය සැමවිටම අවසන් වන්නේ මාර්තු මාසයේය. එවිට,

  • අප්‍රියෙල් වාරයේ එන සිසුන්ට පාඨමාලා කාලය අවුරුදු දෙකකුත්,
  • ජූලි වාරයේ සිසුන්ට අවුරුද්දකුත් මාස 9කුත්,
  • ඔක්තෝම්බර් සිසුන්ට අවුරුද්දකුත් මාස 6ක් සහ
  • ජනවාරි එන සිසුන්ට අවුරුද්දක පාඨමාලා කාලයක් හිමිවේ.

ශ්‍රී ලාංකීය සිසුන් වැඩි වශයෙන් තෝරාගන්නේ සහ ඒජන්සි විසින් තෝරා දෙනු ලබන්නේ අප්‍රියෙල් ජූලි හා ඔක්තෝම්බර් වාරයි. හේතුව වීසා කාලය දිගු නිසා බැවිනි. එවිට ලමුන්ට තම සෙන්මොන්ගක්කෝ (ඩිප්ලෝමා පාසල්) සඳහා මුදල් සොයා ගැනීමට අමතර කාලයක් ස්වයංක්‍රීයවම ලැබෙන නිසාවෙනි.

නියමිත ලෙස ජපන් භාශා පාසල අවසන් කරන සිසුන් ඊලගට යොමුවන්නේ සෙන්මොන් ගක්කෝ පාසල් වෙතටයි. එය ලමයාගේ අභිමතය පරිදි ලමයාගෙ අවශ්‍යතාවයන්ට පමනක් සිදුවේ. එය ඒජන්සිය සතු වගකීමක් නොව්. එහෙත් ඒ පිලිබඳ යම්තාක් දැනුවත් කිරීම අප සතු මානූශීය ගුනයකි.

ප්‍රධාන වශයෙන් භාශ පාසල් පැවැත්වෙන නියමිත දිනයන්හී පාසල් යාම(තදබල අසනීපයකදී ඇර) විභාගයන්ට මනා ලකුනු ගැනීම 200% කම අනිවාර්‍යෙ වේ. මන්දයත් භාශා පාසල්වලින් මාසයෙන් මාසයට සෑම සිසුවෙකුගේම පාසල් පැමිනීම ඔහු හෝ ඇය ලබා ගන්නා ලකුනු Immigration එකට යැවීම සිදු කරයි. මන්දයත් Immigration එක තුලින් ලමයාගේ ඊලග VISA නිකුත් කිරීම සිදු කරන්නේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දෙස බලාය. පාසල් යාම ප්‍රතිශතයක් ලස 95%කට වැඩියෙන් තබා ගැනීම යහපතය.

Part Time Job – අරුබයිතෝ

ජපානයට පැමිනෙන සෑම සිසුවෙක් හටම අර්ධ කාලින රැකියා සිදු කර තම ජීවන වියදම සොයා ගැනීමට ජපානය අවස්තාව ලබා දී ඇත. ඒ සතියකට පැය 28කි (නිවාඩු කාලය තුල සතියකට පැය 40යි) මාසයකට පැය 112කි. තෝකියෝ ප්‍රාන්තය තුල පැයකට අවම යෙන් 950 සිට උපරිම යෙන් 1300 වැනි ගනනක් යටතේ ගෙවීමක් ලබාගත හැක. එය තමුන්ට ලැබෙන රැකියාව අනුව අඩු වැඩි වේ. එවිට උදාහරනයක් ලෙස පැයකට 1000ක් දෙන ස්ථානයක මසකට ප්‍රවාහන ගාස්තුද ඇතුලුව යෙන් 120000ක් පමන සොයා ගැනීමට අමාරු වන්නේ නැත.

රැකියා සඳහා ඒජන්සිය 100%ක් වග කියන්නේ ද නැත. මන්දයත් අප ජපානයට යන්නේ ඉගන ගන්නට කියාය. අපට වෙනම කෙනෙක් වියදම් කරනවා යන්න ඔවුනට දැනුවත් කිරීමෙනි. එහෙත් ජපානයට යන සෑම ලමයෙකුයම රැකියාවක් අවැසි බව අප දනිමු. එම නිසාන් අපගේ ජපානය තුල තිබෙන සබඳතාවලින් ඔබට උදව් කිරීමට හොඳ ඒජන්සි  අමතක කරන්නේ නැත. කෙසෙවෙතත් භාශා පාසල් වලින්ද සිසුන්ට රැකියා සොයා දීම සිදු කරයි.

රැකියා සොයාගැනීමට ලෙහෙසියෙන්ම සිසුන්ට සිදු කරගැනීමට හැකි දෙයක් නම් “ලංකාවේදී හැකිතාක් දුරට ජපන් භාශාව ලිවීමට කියවීමට හැකිව ජපානයට යාමයි.” එය ඔබට වඩාත් යහපත් වනු ඇත. ඒජන්සි වලින් ලමුන්ව ජපානයට යැවීම සඳහා  “ජපන් භාෂාව අවශ්‍ය නැහැ” යනුවෙන් දැන්වීම් ගැසුවට කිසිදු මූලික දැනුමක් නොමැති ළමුන් මෙහෙ පැමින මුහුන දෙන ප්‍රශන අප හොඳාකාරවම දනිමු. නීතියද  එසේය. ඔබ පැය 28කට වඩා එකම රැකියාව සිදු කරොත් ඔබගේ වීසා අවසන් වූ විට නැවත ලංකාවට යාමටයි සිදුවන්නේ .

එහෙත් මේ ජපානයේ සිසුන්ගෙන් බොහොමයක්  පැය 28 කරන රැකියාවට අමතරව තවත් රැකියාවක් සිදු කරයි. එය තමන්ගේ අභිමතය වෙලාව අනුව පැය 28ක් හෝ ඊට අඩුවෙන් සිදු කල හැක. එය තරමක් අවධානම් සහගතය. ජපන් රජය බදු එකතු කරගැනීම පහසු වීම පිනිස හඳුන්වා දී ඇති my number සංකල්පය නිසා එය  වර්තමානයේ තරමක් අවධානම් තත්වයකට පත්ව ඇත. City office එකෙන් නිකුත් කරන මේ අංකයට තමන් රැකියාව කරන ස්ථානයෙන් තමන් වැඩ කරන ලද කාලය, පැයක වේතන ආදී විස්තර යවනු ලබයි. එහිදී City office එක තමාගේ බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි.

වීසා අලුත් කිරිමේදී ජපාන immigration එකට කිසිවෙකු පිලිබඳ සැක මතුවේ නම් ඔවුන් අදාල City office එකෙන් වීසා අයදුම්කරුවන්ගේ විස්තර ගෙන්වා ගනු ලබයි. එහිදී ඔවුන් සැලකිලිමත් වන්නේ ඔහු හෝ ඇය සතියකට පැය 28ක වඩා රැකියාවේ නිරත වූවාද සහ රැකියා එකකට වඩා සිදුකරාද යන්නයි! එහෙත් සමහරක් ආයතන එම අංකය සිසුන්ගෙන්  නොගෙන  වැඩ කිරීමට අවස්තාව ලබා දේ. එවියට එය ප්‍රශ්නයක් වන්නේ නැත.  මෙම නීති ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක වීමට් bබොහෝ ඉඩකඩ ඇත.

සිසුවෙක් අයදුම් කරන ආකාරය සහ අවශ්‍ය ලියකියවිලි

  • ඒජන්සිය වෙත ලියාපදිංචි ගාස්තුව ගෙවීම.
  • සිසුවාගේ, මවගේ පියාගේ උප්පැන්න සහතික
  • සිසුවාගේ සාමාන්‍ය පෙල/උසස් පෙල සහතික (ඉසුරුපාය බත්තරමුල්ලෙන් රැගෙන විදේශ කටයුතු
  • අමාත්‍යංශයෙන් සහතික කර යුතුවේ.
  • පාසල් අස්වීමේ සහතික.
  • සිසුවා වෙනත් ඩිප්ලෝමා උපාධි කර ඇත්නම් ඒවායේ සහතික ප්‍රතමයෙන් ඉදිරිපත් කල යුතුවේ.

උප්පැන්න සහ පාසල් අස්වීමේ සහතික ඉංග්‍රීසී සහ ජපන් භාශා වලට පරිවර්තනය කල යුතු වේ. ඒවයේ නම්වල අකුරු නොගැලපේනම් ඒවා සඳහ දියුරුම් පෙත්සම් ලබා දිය යුතු වේ. ළමයා  සඳහා අනුග්‍රහය දක්වන්නේ කවුද යන්න වග සහ ඒ කෙලෙසෙද ඒ වත්කම් ආදියද සඳහ වන විස්තරද ඒජන්සිය වෙත ලබා දිය යුතු වේ. ඒවා ලබා දුන් පසු, එම ලේඛන පාසල වෙත ලබා දී පසලෙන් ළමයාට අනුමැතිය ලැබුන පසු පාසල් අයදුම් පත්‍ර ගාස්තුව ළමයා විසින් බැංකු ගිණුමේ තැන්පත් කර යුතුය. පසුව අදාල අයදුම් පත්‍ර පුරවා ජපානයට එවිමෙන් පසු මාස2ක් හෝ 3ක පමන කාලයකින් සිසුන්ට ජපානය ඉගෙනීමට යාහැකි Eligibility එක ලැබෙයි. පසුව පාසල් ගාස්තුවට අදාල රිසිට් පත ළමයාට එවයි. එහිදී කෙලින්ම ළමයා පාසල් ගිනුමට මුදල් බැර කරයි. සාමාන්‍යයෙම් වසරක ගාස්තුව යෙන් ලක්ශ 7 සහ 8 අතර දෝලනය වේ. පාසල් මුදල් ගෙවීමෙන් අනතරුව ඒජන්සි ගාස්තුව ගෙවිය යුතු වේ. පසුව ළමයාට තම සියලුම ලියකියවිලි සහ Eligibility සහතිකය අතටම ලබා දෙයි.

ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්‍යාලයෙන් වීසා ලබාගෙන පසුවදාම හෝ ජපානයට යා හැකිය.

-සම්පත් හෙට්ටිආරච්චි සහ මහේශ් මදුසංඛ –
සෙන්හිරු මාධ්‍ය ඒකකය  FB:senhiru.media

උපුටා ගැනීම Senhiru Media

 

Share

Bookmark the permalink.

Leave a Reply