සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේද?
ලංකාවේ කූට වියාපාරිකයන් කිහිප දෙනෙක් නිසා අපේම මිනිස්සු ජපානයට අවිත් අමාරුවෙ වැටෙන හැටි දැකල ඇතිවූ සංවේගය 😢😢 නිසාම ඔබ සියලු දෙන දැනුවත් කරන්නට සිතුවේ.
🏵”සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේදා?
සරණාගත් වීසා සදහා ඉල්ලුම් කිරිම තම මවු රටේ සිටම සිදු කල හැකි නමුත් එය සාර්ථක ක්රමයක් වශයෙන් කියන්න අමාරුයි ඒත් එහෙම සරණාගත වීසා ලබා ගත්ත අයද නැතුවම නොවේ.ඒ සදහා ප්රබල සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු කල යුතුය.දෙවෙනි ක්රමය නම් ජපානයට VISIT වීසා හරහා හෝ BUSINESS වීසා හරහා පැමිණ සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමයි. TRAINING වීසා හෝ STUDENT වීසා හරහා පැමිණ සරණාගත් වීසා සදහා ඉල්ලුම් කල හැකි මුත් එය වාඩා සාර්ථක ක්රමයක් නොවේ.2017 නොවැම්බර් මාසයෙන් පසු වෙනස් වූ නීතියට අනුව STUDENT සහා TRAINING වීසා පැමිණෙන කිසිම අයෙකුට සරණාගත වීසා නොලැබේ.
සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන ඕනෑම අයකුට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය තුළ තාවකාලිකව රැදි සිටීමට හැකි බලපත්රයක් ලැබේ.එය උපරිම වශයෙන් මාස 6කට සීමා වේ.සමහර පුද්ගලයන්ට ඉට වඩා අඩු කාළයක්ද ලැබිය හැක.ගොඩක් අය හිතන්නේ එක තමා වීසා එක කියලා එක වීසා එක නෙවෙයි ඒ තාවකාලිකව ජපනයේ රැදී සිටීමට ලබ දෙන බලපත්රයකි.ඉට පසු මාස 6න් 6ට නඩුව ක්රියාත්මක වේ.ඉට අමතරව අගමන විගමන එකෙන් කියන කියන දවසට පරීක්ෂණ වලට IMMIGRATION එකට යන්න ඕන. ඒ විදියට අවුරුදු 2ත් 3ත් අතර කලායක් නඩුව යනවා.හරියට ඔප්පු කරගන්න පුලුවන් වුණොත් යන කාළය මීටත් වඩා අඩුවෙන්නත් පුලුවන්.ඒකට හොද ලෝයර් කෙනෙක් අල්ලලා තමා වැඩේ කර ගන්න ඕන.නඩුව ඉවර උනාම තමා වීසා එක හම්බ වෙන්නේ පොතට.එතකන් තවකලික කොලේ තම අතේ තියෙන්නේ.වීසා හම්බ උනේ නැති උනොත් හැරෙන තැපෑලෙන් ගෙදර.” (උපුටා ගැනීම ජප්පා-Jappa පිටුවෙන් )
🏵මෙලෙස සරණාගත වීසා ලබා දෙන්නෙ ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි. ඇත්තටම මෙම ප්රතිශතය ඉතාම දශම අගයකි. නමුත් කිහිප දෙනෙක් වංචාකරුවන්ගේ උගුලට හසුවී මෙහෙ පැමිණ ඔවුන් විසින් නවාතැන් රැකියා සහ විසා ලබාදෙයි කියා සිත පැමිණ අමාරුවෙ වැටෙති.
🏵ඔබ ජපානයට එන්න කැමතිනම් රැකියාවක් සොයාගෙන හෝ ජපානයට පැමිණ උත්සහයෙන් ඉගෙනගෙන රැකියාවක් කිරීමට පැමිණෙන්න. shortcuts වලින් එන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා…. මිතුරන්ටත් මෙ පණිවිඩය ලබාදෙන්න
🏵දත්ත
https://www.theguardian.com/world/2018/feb/16/japan-asylum-applications-2017-accepted-20
https://www.reuters.com/article/us-japan-asylum/japan-took-in-just-28-refugees-in-2016-despite-record-applications-idUSKBN15O0UV