Student Visa එකෙන් Business Visa එකට Change Of Status කිරීමට

Student Visa එකෙන් Business Visa එකට Change Of Status කිරීමට බලාපොරොත්තුවන නවක ඔබ….. by කපිල බණ්ඩාර

මදක් නවතින්න…….

පලමුව සෙනෙහෙබර ඔබ….
දැන් අතැති වීසා බලපත්‍රය ගැන…සහ
ජපානයට මුලින්ම ශිෂයයෙකු ලෙස අයදුම් කරන විට ඔබ ලියූ බයෝඩේටාව මතකද….එහිදී…ඔබගේ පවුලේ සහ ඔබ මෙතෙක් ආ මග මේ වන විට ජපන් ආගමන හා විගමන දෙපාර්ථමේන්තුවට ලියා සහතික කර ඇත…..එය කිසිසේත් දැන් වෙනස් කල නොහැකිය…
මෙවැනි පසු බිමක සිටින ඔබ… ජපන් පාසල අවසන් වු පමනින් Business Visa වකට පිවිසිය හැක කියා සිතනවා වන්නට පිලිවන…Business Visa යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද…ඇත්තටම ඔබ තුල Business කිරීමේ හැකියාව සහ සම්බන්ඳකම් සහ මුදල් සහ දැනුම තිබේද…
ඔබ ජපානයට එන විට පෙර කී බයොඩේටාවේ ඔබගේ Business දැනුම හෝ ඊට ආසන්න තතු ලියා තිබේද..
තම පවුලේ ආදයම මොන Business එක මතද රඳා පවතින්නේ යනුවෙන් ලියා තිබේද….
(සමහරැ කියන ආකාරයට යෙන් කොල 500ක් ලංකාවෙන් ගෙනත් Business එකක් ඇරියනම් Business Visa එකක් ගහගන්න පුලුවන් යන්න)
මොනතරම් පහසුවක්ද…..මේ කියන
Business Visa එක ගහගෙන ඔබ කරන්න බලා පොරොත්තුවන්නේ කුමක්ද….අර්ධකාලීන රැකියාවක් කරන ගමන් Business කිරීමද….
මෙය ගැමිබසින් කියන්නේ නම් හරියට අතුරේ යන ගමන වැනිය….
ලංකාවෙන් මේ මුදල ගෙනා පමනින් මේ Business Visa ගත නොහැක…මෙය
Business Visa නොව (投資経営資格ආයෝජන කළමණාකරණ සුදුසුකම් Investment management qualification)අංශයට අයත් වේ.මෙවැනි ගමනක් සාර්තක කරගැනීමට නම් නවක ඔබ වසර 4ක් වත් ජපන් බස සහ ඊට අදාල 専門知識 එනම් ප්‍රවීන බුද්ධිය තමන් සතු කරගත යුතුය. සමහර අවස්ථා වල අන් අයට මෙම වීසාව ලැබී ඇත බව ඔබට පෙනුනද ඊට අදාල පහසුකම ඔබ තුල නැතිනම් විනාශනොකොට අනාගතය… (දුවන මුවන් දැක නොහෙලනු නෙලූ පලා) මේ දැනට අතතැති වීසාව ආරක්ෂා වන පරිදි අවංකව මහන්සියෙන් ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ලෙස අවංකවම මම ඔබට පවසමී…
කියා දෙනු පරහට….
තමා සම්මතයේ පිහිටා සිට..
බුදු බනේ එලෙස සටහන්ව ඇත…ඔව් මම වසර 25 කට වැඩි මනා පලපුරැදු සම්මතයේ සිට ඔබට කියමි…..
ජපන් භාෂාව ජපන් සමාජය තුල අත්‍යවශයවේ …එය තමන් සතුකරගන්න…කථාව…කියවීම…
ලිවීම…ඔබ සතුනම් ඔනම අඩව්වක් මේ රට තුල අල්ලා නැගිටිය හැක….මා මේ රට තුල කල දේ මම දනිමි….ඒ සියල්ල තුල දරාගැනීමේ හැකියාව ප්‍රගුන කල නිසා කල දේවල්ය…ප්‍රශ්ණ ඇති බව මමද දනිමි..නමුදු තවත් ප්‍රශ්ණයකින් ඒ ප්‍රශ්ණ වලට පිලිතූරැ නොලැබේ…..සතයෙන් සතය….එකතු කරමු….එය රැපියලක් වීමට එතරම් කාලයක් ගතනොවන්නේය….

ස්තූතීයී….
මම
කපිල බණ්ඩාර

Share your thoughts