皆様、 時間が許す限り8月十九日朝10時くらいに佐原ランカー寺に来てください。
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය සහ පූජා වස්තු නිධන් කිරීමේ ඓතිහාසික හා අනුස්මරණීය පිංකම
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපතිල දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපතිල මාලිගාකන්දේ අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති හා ලංකාජි විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අවවාද හා අනුශාසනා පරිදි ලංකාජී විහාර සංවර්ධන කමිටුවේ අධ්යක්ෂ ජගත් රාමණායක මැතිදුන්ගේ මැතිණියගේ සහ දෙමාපියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කල රමණීය චෛත්‍යරාජයානන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය සහ පූජා වස්තු නිධන් කිරීමේ ඓතිහාසිකල අනුස්මරණීය හා අසිරිමත් ආශීර්වාදාත්මක පිංකම
2018 අගෝස්තු මස 19 වන ඉරු දින පෙගවග 06.00
උදාවන සුභ මොහොතින් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත
ජපානයේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් ධම්මික ගංගානාත් දිසානායක මැතිදුන් ප්රමුඛ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිත මෙම මා හැගි පිංකමට පැමිණ සහභාගි වී පූජා වස්තු නිධන් කොට උතුම් ආශිර්වාදය ලබා ගන්නා ලෙස කරුණිකව අරාධනා කරමු.
‘
චෛත්‍යරාජයාණන් වහන්සේ තුල තැන්පත් කිරීම සදහා පූජා භාණ්ඩ විහාරස්ථානය මගින් පිළයෙල කර පිරිත් කිරිම සදහා සවරා පන්සලේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබෙන අතර කැමති පූජා භාණ්ඩයක් ලබාගෙන මෙම අනුස්මරණීය පින්කමට දායක වන මෙන් මෙත් සිත් පෙරටුව දන්වා සිටිමු.
හේනේගෙදර සීලභද්‍ර ස්ථවිර
ලංකාජී විහාරස්ථ සංවර්ධන කමිටුව වෙනුවෙන්
佐原市蘭華寺の新築仏塔に仏舎利、代替品の納品式典
日本・