ජපන් එනකොට මොනවද ගෙන්න අවශ්‍ය

ජපන් එන්න ඉන්න හුඟක් ශිෂයන් අහන ප්‍රශ්ණයක් තමයි ජපන් එනකොට මොනාද අපි ගෙන්න ඔනෙ කියන එක.

ගෙන්න ඔන බඩු ටික කිවොත් මෙහෙමයි.

01 – පුලුවන් උපරිමෙන්ම ගෙන්න කුලු බඩු. එ කියන්නෙ

තුනපහ . ( අමු / බැදපු) තුනපහ පොඩි පොඩි පැකට් කරලා ගෙන්න ( එ කියන්නෙ ග්‍රැම් 200 වගෙ පැකට්) තුනපහ 10 kg ක් ගෙනාවත් අහක යන්නෙ නැ.

කැලි මිරිස් , මිරිස් කුඩුත් එ වගෙමය.

අනිත් ජාති ටික කියන්න ඔනෙ නැනෙ( කහ , ගම්මිරිස් , වගෙ ටික[ ලුනු මෙහෙ ගන්න තියෙ ) මුලිකවම කියන්න ඔන ඔය ටික.

රම්පෙ , කරපිංචා , කුරුඳු පොතු , ගොරක ටිකක් එහෙම ගෙනාවට අහක යන්නෙ නැ.

හාල් පොල් එහෙම උස්සං එන්න එපා.

තේ කොළ ගෙන්න ( T bag )

කොපි එහෙමත් මෙහෙ නැතුවම නෙමෙ.

02 – පාස්පොර්ට් සයිස් චායරූප කිපයක්.

03 – ඇඳුම්. අනවශය විදිහට ඇඳුම් ගෙන්න එපා. ලංකාවෙ වගෙම මෙහෙ ඇඳුම් ලාභෙට ගන්න තැන් තියෙ .

ජර්සියක් ගෙන්න හොඳ. කොටුවෙ මෙන් ස්ට්‍රිට් එකෙ winter collection කියලා කඩයක් තියෙ ( අස්සක තියෙන පොට් එකක්) කොටුවෙ මල්වත්ත පාරෙ බැග් කඩෙකින් ඇහුවත් කියනව.

04 – බෙහෙත් වර්ග.

සමහන්
පස් පංගුව
අසමොදගම් බොතලයක් දෙකක්
ෆාමසියෙන් ගන්න අපිට දයිනිකව ඔන වෙන බෙහෙත් ටිකක්.

එ කියන්නෙ

උණට කැස්සට හෙම්බිරිස්සාවට වගෙ ඔන වෙන බෙහෙත් ජාති ටිකක්.

05 – සපත්තු

01 – සපත්තු මෙහෙ ගන්න තියෙ. නමුත් ලංකාවත් එක්ක සංසන්දනය කලාම මිලෙන් ඉහලය.

ලංකාවෙ මිලටම ගන්න බැරිත් නැ.

02 – බාටා සෙරප්පු කුට්ටම් දෙකක් විතර ගෙන්න ( waves වගෙ )

06 – සල්ලි

මෙක තමයි ප්‍රදානම කාරනය.

සල්ලි ටිකක් යහමින් අනිවාර්‍යෙන් ගෙන ආ යුතුය . එය ලෂ 1 ක් ද 2 ක් ද කියලා කියන්න බැ . හැකි උපරිමෙන්ම කියන එකයි මගෙ මතෙ නම්.

මංදා ආපු අලුත රස්සවක් හොයා ගන්න එක ලෙහෙසි නැ. රස්සවක් කලත් මාසයක් ජිවත් වෙන්න අතෙ සල්ලි තියෙන්න ඔනෙ. කොච්චියෙ යන්න එන්න , පොඩි බඩගින්නකට කන්න බොන්න එහෙම. ජපානය කියන්නෙ වියදම් අදික රටක් ය.
එය ලංකාව හා සංසඳනය කරන්නට එපා.

බයිසිකලයක් එහෙම ගන්නට වෙයි. එක තමන් යන ප්‍රදෙශය අනුව වෙනස් වෙ. නමුත් බයිසිකලයක් තියෙන එක වටින්නෙය.

සල්ලි ටිකක් වැඩිපුර ගෙන්න කියන්නෙ ඇවිල්ලා ටික දවසක් යනකොට ඉන්න පරණ අයගෙන් සල්ල්ජ් ඉල්ලනට සිද්ද වෙන ප්‍රවණතාවය අඩු කර ගන්නටය. මංද ඇවිල්ලා ඉන්න අයට ඔබ වෙනුවෙන් යමක් කරන්නෙ නම් එය සිමා සහිතය.

සල්ලි ගන්නකොට ගුවන්තොටුපලෙ පිහිටා ඇති බැංකුවකින් මුදල් හුවමාරු කර ගන්න එක අගනෙය. එය ඔබෙ ගුවන් ගමන් බලපත්‍රයෙ සටහන් වන නිසාය. සුලු ලාභයකට පිටිං ගන්නවාට වඩා එය අනාගතයට ප්‍රයොජනවත්‍ ය

Janith Arandara

Share

Bookmark the permalink.

Leave a Reply