විශ්ව විද්‍යාල අවසන් කර 就職活動(しゅうしょくかつど) ජපානයේ රැකියාවක්

2018 මාර්තු මස කාර්මීක විද්‍යාල සහ විශ්ව විද්‍යාල අවසන් කර 就職活動(しゅうしょくかつど) ජපානයේ රැකියාවක් සෙවීම සදහා මහන්සි වන සිසුන් වෙත.

මේ සදහා ජපානයේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ඔබට特定活動(とくていかつどう) වීසා කැටගරිය යටතේ මාස 6 ගානේ දෙපාරක් එනම් අවුරුද්දක කාලයක් රැකියා සොයා ගැනීම සදහා වීසා ලබා දෙනවා. ඒ සදහා ඔබ විසින් දැනුවත් විය යුතු කරුණු නම්,

専門学校(せんもんがっこう) එකක් අවසන් වන සිසුන් ඔවුන්ගෙ දෙවැනි අවුරුද්දේ සිට ජපානයේ ආයතන වලට රැකියා සදහා ඉල්ලුම්පත් යැවීම සහ රැකියා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම කරමින් සිටිනවා. මෙය සැම කාර්මීක විද්‍යාලයකම සිසුන්ව දැනුවත් කරනු ලබන්නේ දෙවැනි අවුරුද්දේ සිටයි.

උදාහරණයක් වශයෙන් මේ අවුරුද්දේ මාර්තු පාසල් අවසන් කරන සිසුන් 就職活動(しゅうしょくかつどう)ආරම්භ කරන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වල සිටයි.

ආයතන වල සම්මුක පරීක්ෂණ වලින් සමත් සිසුන් මේ අවුරුද්දේ පාසල් අවසන් කර තමන්ගේ ස්ටුඩන්ට් වීසා එක රැකියා වීසා එකට මාරු කර ගැනීමට පුලුවන්. ඔබට පාසල අවසන් කරන්න පෙර වුණත් රැකියා වීසා එකට ඉල්ලුම් කරන්න පුලුවන් නම් එය වඩාත් හොදයි. පාසල මාර්තු මස අවසන් වන නිසා අප්‍රියෙල් මස සිට වීසා ලැබුනට පසු ඔබේ ස්ථීර රැකියාව ආරම්භ කිරීමට පුලුවන් වෙනවා.

නමුත් ඔය අතරින් සම්මුක පාරීක්ෂණ වලින් අසමත් වන සිසුන්ට මේ අවුරුද්දේ මාර්තු වලින් පස්සෙ ඒ කියන්නෙ තමන්ගේ 専門学校එක හෝ 大学එක අවසන් කල පසු 就職活動කිරීමට ජපන් ආගමන දෙපාර්තුමේන්තුවෙන් 特定活動( とくていかつどう) වීසා එක ලබා දෙනවා. මෙය ලබා ගැනීමට නම් ඔබ ඩිප්ලෝමාව අවසන් කරන පාසලින් 推薦書( すいせんしょ)
මෙයින් සදහන් වෙන්නෙ ඔබට රැකියාවක් සෙවීමට සියලුම සුදුසුකම් ඇති බව සනාථ කරන ලියකියවිල්ලයි.

කලින් අවුරුදු ගණනාවක සිට පාසල් වලින් මේ සදහා ලියකියවිලි සිසුන්ට ලබා දුන්නත් ගිය අවුරුද්දේ සිට පාසල් ගණනාවකින්ම මේ සදහා ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එයට හේතුව තමයි රැකියා සෙවීම සදහා වීසා ලබාගෙන විශාල සිසුන් ප්‍රමාණයක් රැකියාවක් සොයා ගැනීමට උනන්දුවක් නැතිවීම සහ ජපානයේ තමුන්ගෙම ව්‍යාපාර ආරම්භ කිරීමට යෑම. 投資経営(とうしけいえい)Investment management

තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් රැකියා සෙවීමේ 特定活動(とくていかつど) වීසා එකට යන්නේ නැතිව කෙලින්ම පාසල අවසන් වීමට මාස දෙක තුනකට කලින්වත් ව්‍යාපාරයක් කිරීමට ( 投資経営(とうしけいえい)Investment management වීසා බලපත්‍රයට අයදුම් කරන එක සුදුසුයි.

ඔබ අත මුදල් තිබෙනවනම් තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරීම හොදයි නමුත් හරි හැටි නොදැනුවත්ව ආරම්භ කරන්න යන්න එපා. අඩුම තරමින් ජපානයේ තවත් ආයතනයක රැකියාවක් කරල එම අත්දැකීම් ලබාගෙන ආරම්භ කිරීම වඩාත් සුදුසුයි. නමුත් ලේසි පහසු දෙයක් නම් නොවේ.

පාසල් කාලය අවුරුදු 4 ක්ම ගත කරල රැකියාවක් සොයා ගන්න ලැබුණෙ නැති නම් දැනෙන දුක කියල වැඩක් නැහැ නේද? ඒක දන්නේ අත්දැකීම් තිබෙන අයම පමණයි නේද?

හරි අපි ඒක අමතක කරල ගම්බත්තේ රැකියාවක් හොයා ගන්න මහන්සි වෙමු.
මේ අවුරුද්දේ පාසල් ඉවර වෙන නංගිලා මල්ලීලා ජපානයේ පිළිගත් ආයතනයක රැකියාවක් කරන කොට අපිටත් ආඩම්බරයක්.

特定活動පිළිබද නොදැනුවත් නම් ඔබගේ පාසලේ මේ සදහා පත්කර සිටින සෙන්සෙයි ගෙන් අසා දැන ගැනීම ඔබට තවත් ලේසි වේවි. ශෙයා කරල තවත් සිසුවෙකුව දැනුවත් කරමු.

ස්තූතියි!
සම්පත් හෙට්ටිආරච්චි

4 Comments

Join the discussion and tell us your opinion.

T. Imamdeenreply
25 March 2018 at 5:22 am

I want to apply to go to Japan. How can this possible. Contact me 0771645628

pandukareply
25 March 2018 at 6:16 am
– In reply to: T. Imamdeen

http://slsaj.com/study-in-japan/

sahanreply
12 May 2018 at 11:55 am

I want to apply japan job.how can i apply for that…pls reply..

pandukareply
12 May 2018 at 12:02 pm
– In reply to: sahan

Ask from here
https://www.facebook.com/groups/slajstudents

Leave a reply