ජපන් වීසා ලැබුන පසු ඔබ කල යුත්තේ කුමක්ද ? (ජපන් භාෂාව හැදෑරීම සඳහා)

2018 අප්‍රියෙල් සදහා ජපානයේ ජපන් පාසල් වලට වීසා ඉල්ලුම් කල සිසුන්ගෙන් අද දින ටෝකියෝ පාසල් විශාල ප්‍රමාණයකම වීසා ප්‍ර්ථිපල ලැබුනා.

ඉතින් ඒ අතරින් වීසා ලැබුණු ශ්‍රී ලාංකික සිසුන්ට මාගේ උණුසුම් සුභ පැතුම්. ඊලග පියවර වශයෙන් ජපානය බලා පිටත්විමට කල යුතු වැඩ කටයුතුද ඉතා සාර්ථකව කර ගැනීමට ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනවා.

ඔයාලට තව මාසයක කලයක් තමයි තිබෙන්නේ ලංකාවෙ ජපන් තානාපති කර්‍යාලයෙන් වීසා ලබාගෙන ජපානයට පැමිණෙන්න. සමහරවිට ඔබට හෝ ඔබේ යාලුවන්ට මේ විස්තර ජපානයට එන්න ලෑස්ති වෙන විට අවශ්‍යය වෙයි.

මුලින්ම ඔබගේ Eligibility Certificate එකේ කොපියක් ඔබ අයදුම් කල ජපන් පාසල හරහා ඔබට හෝ ඔබේ නියෝජිතයා වෙත ලබා දෙනු ලබයි. එය හරියට පරික්ෂා කර බලා ඔබගෙ පාසල් ගාස්තු ගෙවීමෙන් පසු ඔබට ජපන් පාසල හරහා Original Certificates ( Admission Certificate , Eligibility certificate) ඔය ලියකියවිලි ටික ඔබ අතට ලැබෙන්න සලස්වනවා.

ඉන් පසුව ඔබ විසින් සකස් කලයුතු ලියකියවිලි මේ ලින්ක් එක ( www.lk.emb-japan.go.jp/files/000275494.pdf ) පරික්ෂා කර බලා ඔබට අදාල ලියකියවිලි සූදානම් කර ලංකාවේ පිහිටා ඇති ජපන් වීසා සෙන්ටර් එකට භාරදිය යුතුයි. ඔබේ ජපන් වීසා සදහා අවශ්‍ය Application form එක මේ ලින්ක් එක බලන්න ( www.mofa.go.jp/files/000124525.pdf) ලියකියවිලි භාර දීමේදී ඔබට කලින් appointment එකක් දැමිය යුතුයි. එය මෙම ලින්ක් එක හරහා පහසුවෙන්ම කර ගත හැකියි. ( https://online.vfsglobal.com/Global-Appo…/…/RegisteredLogin… ) ඔබගේ වීසා ලියකියවිලි භාර දීමෙන් පසු සතියක කාලසීමාවක් ගත වෙනවා වීසා එක ලැබීමට.

මම අත්දැකීමෙන් දන්නා දෙය පැහැදිලි කලා. ඔබට තව නොදැනුවත් දෙයක් තිබේනම් ඔබේ නියොජිතයාගෙන් හෝ ජපානයේ හෝ ලංකාවෙ මේ සම්බන්ධ දැනුවත් පුද්ගලයකුගෙන් අසා දැන ගන්න. ඔබ හැමෝටම සුභ අනාගතයක් වේවා.

සම්පත් හෙට්ටිආරච්චි
201822

Share

Bookmark the permalink.

Leave a Reply