ස්ථීර රැකියා ලැබිලා වීසා ඉල්ලුම් කිරීම
ජපානයේ උසස් අධ්‍යාපන පාසල් ( සෙන්මොන් ගක්කො, දයිගකු) මේ අවුරුද්දේ මාර්තු අවසන් වී ස්ථීර රැකියා ලැබිලා වීසා ඉල්ලුම් කිරීමට සිටින සෑම සිසුවෙකුම දැනුවත් විය යුතුයි.
ඔයාලා මුලින්ම ජපන් පාසලට ඉල්ලුම් කිරීමේදී පුරවන ලද 履歴書りれきしょ(Resume)එක හොදින් බලා ඒ විදියටම රැකියා වීසා එකට ඉල්ලුම් කරන 履歴書りれきしょ( Resume)එක පුරවන්න. සමහරු වීසා එක ලැබෙයි කියල හිතල තම රටේ ස්ථීර රැකියා පලපුරුදු ඇති බව සදහන් කරන අයද නැත්තෙම නැහැ. ඒ මෝඩ වැඩ කරන්න එපා.
ඔබ ජපානයට මුලින් ශිෂය වීසා අයදුම් කරන විට පුරවන ලද 履歴書りれきしょඑක ඔබ ලග නැතිනම් ඔබව ජපානයට එවපු ආයතනයන් හෝ ඔබ ගිය ජපන් පාසලෙන් දැන ගැනීමට පුලුවන්. එයාල ලග එම පිටපත් තිබෙනවා. පොඩිම හෝ වැරදීමක් තිබුණොත් ඔබගේ වීසා එක ආගමන බියුරෝ එකෙන් ප්‍රතික්ෂේප කරනු ලබනවා.
2017 ජුලි සිට රැකියා වීසා පිළිබද නීති රීති දැඩි කර ඇත. එම නිසා ඉල්ලුම් කරන සිසුන්ගේ ආයතනයෙන් නිකුත් කරනු ලබන ලියකියවිලි සහ ඔබ විසින් නිකුත් කරන ලියකියවිලි හැකි පමණින් රැකියා වීසා පිළිබද දැනුවත් කෙනෙකුගෙ උපදෙස් පරිදි
සූදානම් කිරීම ඔබට වීසා එක ලැබෙන සම්බාවිතාව වැඩි විය හැක.
අමතක නොකර ඔබ සෑම කෙනෙකුම මේ දේත් මතක තබා ගත යුතුයි. ඔබ ශිෂය වීසා කාල සීමාව තුල අර්ධ කාලීන රැකියාවෙන් උපයා තිබෙන ආදායම පරික්ෂා කර බැලිය යුතුයි. දල වශයෙන් අවුරුදු දෙකකවත් පරික්ෂා කර බැලුවොත් හොදයි. මේ අවුරුද්දේ වීසා වලට අයදුම් කරන සිසුන් නම් ජපන් වර්ෂ වලින් 28, 29 අවුරුදු වල ආදායම් ලියකියවිලි (課税証明書かぜいしょうめいしょ)පරික්ෂා කර බලන්න.
මා හිතනවා ජපානයේ ජීවත්වන සිසුන්ට වැදගත් වේවි කියල. ඔබ මහන්සි වූ අවුරුදු ගණන එක මොහොතින් වෙනස් විය හැක එම නිසා ඉදිරිය ගැන හොදින් කල්පනාකාරීව කටයුතු කරමු.
ජපන් පාසල් ජීවිතය කියන්නේ ආයෙ එන්නේ නැහැ කියන බව ඔබට මම අමුතුවෙන් කිව යුතු නැහැ ඒ වගේම පාසල් ජීවිතයට කටුක ලෙස මුහුණ දුන් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද මහත්වරු මෙන් මේ මුලු ජපානයේම ජීවත් වෙනවා. ඔවුන්ගෙන් පසු එන ඊලග පරපුර ඔබ නිසා මේ සටහන ඔබගේ දැන ගැනීම පිණිස මුහුණු පොතේ සදහන් කලා.
ඔබ සැමට හදවතින්ම ජය පතන
සහ ජීවිතයේ ලැබූ අත්දැකීම් සමග ඔබට කථා කරන මා,
සම්පත් හෙට්ටිආරච්චි
2018.2.7